ජාතික නාමල් උයන 33 වැනි සංවත්සරයට සමගාමීව නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා උරදුන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට උපහාර පිදීමේ උත්සවය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ ඇතුළු මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මෙහිදී ඇඟයීමට ලක්කෙරිණි.

ඓතිහාසික නාමල් උයන පිළිබඳ පුරාවිද්‍යා ගවේෂණ කෙටුම්පත් වාර්තාව එළි දැක්වීම හා ජාතික නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට අදාලව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ගිවිසුමකට අත්සන් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

WhatsApp Group

Skip to content