05 වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද ආරම්භවනවා.

ඒ කොළඹ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදීයි.

අද සහ හෙට යන දෙදින පුරා තරුණ පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන බවයි ජාතික තරුණ සේවා සභාව නිවේදනය කළේ.

යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත් කෙටුම්පත පිළිබද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content