ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

WhatsApp Group

Skip to content