ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසල් සංඛ්‍යාව වැඩිකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී යෝජනා වී ඇත්තේ ජාතික ගුරු කවුන්සිලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ද මාසයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.

WhatsApp Group

Skip to content