ජාත්‍යන්තර නාවික ගමනාගමන මාර්ගය වෙනස් කිරීම සදහා ඉදිරිපත්ව ඇති යෝජනාවට එකග නොවන බව රජය දැනුම් දී තිබෙනවා.

නාවික ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15කින් දුරස් කරන ලෙස ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය මගින් යෝජනා කර තිබුණා.

ඒ අනුවයි රජය සිය මතය අදාළ සංවිධානය වෙත දැනුම් දී ඇත්තේ.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ ලබන මාසයේ පැවැත්වෙන එම සංවිධානයේ 80 වැනි සැසිවාරයේ න්‍යාය පත්‍රයෙන් මෙම යෝජනාව ඉවත් කරන ලෙසයි.

WhatsApp Group

Skip to content