මැලේසියාවේ පැවති එම්.ඒ.එම්.මැලේසියා ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් – 2024 ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වී , එහි ධාවන තරග ඉසව් දෙකක අවසන් මහා තරග වලදී රන් පදක්කම් 02 ක් දිනා ගත් ෂෙහාන් ගුණසේකර සහ ටෙහාන් අමරසිරි යන සිසුන් දෙදෙනා 10/22 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
 මෙම තරගාවලිය මැලේසියාවේ සැපැන් නුවර ලෝකයේ රටවල් 10 ක කුඩා මෝටර් රථ ධාවන ශූරයින් අතර ඉකුත් 10/20 දින පවත්වා තිබුණි .
එහිදී වයස අවුරුදු 15 න් පහළ කනිෂ්ඨ අංශය යටතේ තරග කළ 14 හැවිරිදි  ෂෙහාන් ගුණසේකර සිසුවා , එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
ඊට අමතරව වයස අවුරුදු 13 න් පහළ කැඩෙට් අංශය යටතේ තරග කළ 11 හැවිරිදි ටෙහාන් අමරසිරි සිසුවා එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
මෙම සිසුන්ට මෙම තරගාවලිය සදහා මෝටර් රථ පැදවීම සදහා ජාත්‍යන්තර මෝටර් රථ ධාවන සංගමය මගින් රියැදුරු බලපත්‍ර ලබා දී තිබුණි .
මෙම ජයග්‍රහණ රැගත් මෙම සිසුන් දෙදෙනා 10/22 දින සවස 04.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

WhatsApp Group

Skip to content