ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇති කරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සදහන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් එම රැස්වීම පැවැත්වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන එනු ලබන සියලු යෝජනාවලට කොන්දේසි විරහිතව එකඟ වීමට ආණ්ඩුවට සිදුව ඇති බවයි එම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත්තේ.

රටට අහිතකර කොන්දේසි සහිත ගිවිසුම අත්සන් කර තිබීම හේතුවෙන් රටට සහ ජනතාවට අවාසියක් සිදුවන බවද එම පක්ෂය පවසනවා.

 

WhatsApp Group

Skip to content