ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම නියෝජිත කණ්ඩායම අද සිට මැයි 23 වනදා දක්වා මෙරට රැදී සිටිනු ඇති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ වසරේ සිදු කිරීමට නියමිත පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙසයි ඔවුන් මෙරට සංචාරයක නිරතවන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද මෙම සංචාරයට එක්වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කළා.

 

WhatsApp Group

Skip to content