ශ්‍රී ලංකාව වැනි නැගී එන ආර්ථිකයන් සහිත රටවලට ලෝක ආර්ථික ප්‍රවණතාවලින් ගැලවී සිටිමට නොහැකි වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන අංශය සංවිධාන කළ වැඩසටහනට එක්වෙමින්.

වෙනස් වන ලෝකයේ මූල්‍ය ප්‍රතිපත්ති යන මාතෘකාව යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා කරුණු දක්වා සිටියා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම ණය දීම පිළිබඳ නීති වෙනස් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 14ත් 16ත් අතර ණය මුදලක් යුක්රේනයට ලබා දීම සඳහා ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියානු හමුදා යුක්රේනයෙන් පළවා හැරීමට ගන්නා උත්සාහයේදී එරට අවශ්‍යතා ඉටු කරගැනීමට මෙන්ම ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමට මෙම ණය මුදල යුක්රේනයට ලබා දීමට අදහස් කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ.

ණය මුදල ලබා දීම කොන්දේසි ගණනාවක් මත රඳා පවතින බවත් යුද්ධය පවතින රටකට ණය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දීම සඳහා පවතින නීති වෙනස් කිරීමට සිදුවන බවත් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා.

 

WhatsApp Group

Skip to content