ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමුළුවකට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියට පිටත්ව ගිය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සිව් දෙනෙකුට එරෙහිව සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර තිබෙනවා.

මෙම සමුළුවට සහභාගි වීම සඳහා පොලිස් නිලධාරින් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය මාසයේදී මෙරටින් පිටත්ව ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් පසුගිය 04 වන දා ඔවුන් නැවත රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණ ද මෙතෙක් මෙරටට පැමිණ ඇත්තේ ඉන් දෙදෙනෙකු පමණක් බවටයි වාර්තා වන්නේ.

මෙලෙස මේ වන තෙක් මෙරටට නොපැමිණ ඇත්තේ පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන් 4 දෙනෙකු බවටයි වාර්තා වන්නේ.

මේ වන තෙක් ශ්‍රී ලංකාවට පැමිණ නැති නිලධාරින් සිව් දෙනා පොලිස් මූලස්ථානයෙන් වසර 5 ක නිවාඩු ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් පොලිස් මූලස්ථානය විසින් අනුමත කර නොමැති බව ද සඳහන්.

මෙම පිරිස සමුළුව සදහා සහභාගි වී ඇත්තේ තමාගේ පෞද්ගලික මුදලින් බවටද අනාවරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content