වසයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දුනීසියාවෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සංගමය තීරණය කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ බාලි හී ආණ්ඩුකාරවයා විසින් ඊශ්‍රායල කණ්ඩායමට සත්කාරකත්වය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සංගමය මෙම තීරණය ගත් බවයි ඉන්දුනීසියා පාපන්දු සංගමය සදහන් කරන්නේ.

වසයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන මැයි 20 වැනිදා සිට ජූනි 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content