ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයිනපුරා සියලු කාර්යාලවල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගී වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් අද දිනයේ ඉටුනොවන අතර අයකැමි අංශ ද වසා දැමීමටයි ඔවුන් සැලසුම් කර ඇතතේ.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනයට සමගාමීව අද දහවල් 12ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

WhatsApp Group

Skip to content