මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා .

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවයි .

දින ගණනක් තිස්සේ තවමත් රට තුළ පවතින්නේ උණුසුම අධික කාලගුණ තත්ත්වය ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .

WhatsApp Group

Skip to content