ජාතිල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

යහපත් පාරිභෝගික සම්බන්ධතාවක් ලබා නොදීමේ චෝදනා මතයි ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ.

නිලාවේලි ජල සම්පාදන ක්‍රමය වෙත සේවාවක් ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකු සමග ඔවුන් කලහාකාරි ලෙස කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනයකින් පසුව අදාළ සිද්ධියට සම්බන්ධ වු නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content