ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ සැපයුම් ලබන මාසයේ සිට විසන්ධි කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා..
එම මණ්ඩලය ප්‍රකාශ කළේ, මාසික ජල බිල්පත් නොගෙවීම 40%කින් ඉහළ ගොස් ඇති බවයි.
දින 60ට වඩා වැඩි කාලයක් බිල්පත් නොගෙවූ සියලු ජල පාරිභෝගිකයින්ට නිවේදන නිකුත් කර තිබේනවා .