කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, අවුරුද්දයි මාස 03ක් වයසැති දැරියක් .

ඇය තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ පිහිටි ජල ටැංකියකට වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content