ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා.

සමෘද්ධිලාභීන්ට හා අඩු ආදායම්ලාභීන්ට මෙම ජල ගාස්තු සංශෝධනය අදාළ නොවන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව පාසල්, ආගමික සිද්ධස්ථාන සහ රෝහල්වල ද ගාස්තු සංශෝධනය නොවනු ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් සියයට 30 ට වඩා වැඩි ප්‍රමාණයකින් මෙසේ ගාස්තු සංශෝධනය වීමට නියමිත බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

 

WhatsApp Group

Skip to content