ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් මෙම වසර තුළ සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අවසන්වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා  පැවසුවේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

 

WhatsApp Group

Skip to content