ජල ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සියයට 30 සිට කාණ්ඩ කිහිපයක් යටතේ ජල ගාස්තු ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, අඩු ආදායම්ලාභි පවුල් සඳහා ජල ගාස්තු ඉහළ නොදමන බවයි.

ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසිනුයි නිකුත් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content