වියළි කාලගුණය සමග මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබෙනවා.

ඇතැම් ජලාශවල ජල මට්ටම් සියයට 50 දක්වා පහත වැටී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පසුගිය දිනවල කතාබහට ලක් වූ සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 2.5 දක්වා පහත වැටී ඇති අතර සමනල වැවෙන් ජලය සපයන උඩවලව ජලාශයේ ජල මට්ටම ද සියයට 2.8 ක අගයක පවතිනවා.

අධික වියළි කාලගුණය ප්‍රයෝජනයට ගනිමින් වැව් ප්‍රතිසංස්කරණ සහ රොන් මඩ ඉවත් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/SHASHINDRA-RAJAPAKSHA-EDIT-01.mp3?_=1

මේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා.

https://www.vnews.lk/storage/2023/08/SHASHINDRA-RAJAPAKSHA-EDIT-02.mp3?_=2

මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ අද වන විට දකුණු පළාත තුළ පානීය ජල අර්බුදයක් නිර්මාණය වී ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසනවා.

තංගල්ල, බෙලිඅත්ත ඇතු`ඵ තවත් ප්‍රදේශ කිහිපයක වැඩිවශයෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

දකුණු පළාතට අමතරව තවත් පළාත් කිහිපයකින් පානීය ජල අර්බුදය වාර්තා වනවා.

ජල බවුසර යොදා ගනිමින් අදාළ ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවයි ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි වසන්තා ඉලංගසිංහ මහත්මිය සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/WASANTHA-ILANGASINGHE-EDIT-1.mp3?_=3

WhatsApp Group

Skip to content