දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම 70%ක පමණ ප්‍රමාණයකට පහත බැස තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ දැනට පවතින තත්ත්වය හමුවේ විදුලිය පැය 24 පුරාම ලබා දීමේ හැකියාවක් පවතින බවයි.

මේ අතර මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හමුවේ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

මේ වනවිට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 25 කින් පහළ බැස ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 23 කින් පහළ බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

WhatsApp Group

Skip to content