ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයරුක්ෂි සමන්කුළ ක්‍රීඩිකාව සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියෙන් ලෝකඩ පදක්කම් 03 දිනා ගෙන තිබෙනවා.

මෙම තරගාවලිය ඉකුත් 19 දින සිංගප්පූරුවේ චැංගි නගරයේ දී පවත්වා තිබූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණේ ද ජයරුක්ෂි පමණකි.

ක්‍රීඩා ඉසව් දෙකක් යටතේ මෙම ලෝකඩ පදක්කම් 03 දිනා ගෙන තිබූ ජයරුක්ෂි 21 දින උදෑසන 09.50 ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ – 45 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා

ඇය පිළිගැනීම සදහා ඇයගේ දෙමාපියන්,  පුහුණුකරු සහ තවත් සහෝදර ක්‍රීඩකයින් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

WhatsApp Group

Skip to content