ජපාන විදේශ කටයුතු ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

ඇයගේ නිල සංචාරයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ අවසන් ගිවිසුම පිළිබද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති.

එමෙන්ම ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content