දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

මෙම වසර මෙරට දේශපාලනයේ තීරණාත්මක වසරක් වනු ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියට පෙන්වා දී ඇත්තේ.

රට ගොඩනැගිමට ඇති සැලසුම් පිළිබදව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කර තිබෙනවා.
 

 

 

 

WhatsApp Group

Skip to content