ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණ තිබුණා.

ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හයාෂි යෝෂිමාසා ඇතුළු ජපාන දූත පිරිස ශ්‍රී ලංකා සංචාරයේ නිරත වනවා.

ජපානය සමඟ නැවත ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.

WhatsApp Group

Skip to content