ජපාන තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

ජපාන තානාපති මිසුකොශි හිඩේකි මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් සවස ජපාන තානාපති නිල නිවසේ දී පැවැත්විණ.

ජපාන සහයෝගිතාවය යටතේ විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන වැඩසටහන්, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ලබාදෙන මූල්‍ය සහ තාක්ෂණික සහය, විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයට ජපාන රජය ලබාදෙන ප්‍රතිපත්තමය මූල්‍ය ආධාර, න්‍යෂ්ටික බලාගාර වැඩසටහනේ නීතිරාමුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක කරගෙන යන වැඩසටහන පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ.

ජපාන තානාපතිවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකාවේ රජයට ලබාදෙන සහයෝගය හා කැපවීම වෙනුවෙන් අමාත්‍යවරයා මෙහි දී සිය ස්තූතිය ද පළ කර ඇත.

WhatsApp Group

Skip to content