ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ජනගහනය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 13 වරට බවයි විදේස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ අතර ජපානයේ තනිව ජීවත්වන වැඩිහිටි ජනගහනය 2050 වන විට සියයට 47ක් දක්වා ඉහළ යනු ඇති බවට එරට පරීක්ෂණ ආයතනයක් නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබෙන්නේ.

 

WhatsApp Group

Skip to content