ජපානයේ ටෝකියෝ හි ඉසු දූපත් ආසන්නයෙන් රික්ටර් මාපක 5.9 ක භූ චලනයක් සිදුව තිබෙනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව භූමිකම්පාවෙන් මිනිත්තු 40 කට පමණ පසු ඉසු දූපත් සමූහයට අයත් හචිජෝ දූපතට සෙන්ටිමීටර 50 ක පමණ උසැති උදම් රළක් පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් කිසිදු හානියක් සිදුව නැහැ.

WhatsApp Group

Skip to content