රජයේ රෝහල් වෙත අවශ්‍ය ඉන්ධන ලීටර් මිලියන 20ක් පරිත්‍යාග කිරිමට ජපානය ඉදිරිපත්ව තිබෙනවා.

ඇමෙරිකානු ඩොලර් මීලියන 46ක වටිනාකමක් සහිත මෙම ප්‍රදානය වෙනුවෙන් හුවමාරු පත්‍ර වෙත අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි මහතා අතර සිදු කර තිබෙනවා.

ජනපති ලේකම් කාර්යාලයෙ පැවැති මෙම උත්සවය සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද තිබුණා.

මෙම ඉන්ධ ලිටර් මිලියන 20 දිවයින පුරා ඇති රෝහල් වෙත අවශ්‍යතාව පරිදි බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content