ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාව සඳහා  මානුෂීය ආධාර ලබාදීම සහ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම සදහා රාජ්‍ය අංශයය සවිබල ගැන්වීමට ජපන රජය දක්වන සහයෝගීතාව පුළුල් කර ඇති බව රජය පවසනවා.

ඒ අනුව ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපානයෙන් මිලියන 1600ක මුදලක් ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇති බවද රජය පවසනවා.

ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

WhatsApp Group

Skip to content