ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 5.1 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇති වූ බව එරට කාලගුණ ඒජන්සිය පවසනවා.

මෙරට වේලාවෙන් අද අලුයම 5ට මෙම කම්පනය සිදුව තිබෙනවා.

ජපානය මෑතකදී සිදුවිය හැකි ”මෙගා කම්පනයක්” පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුනද, සතියකට පසුව, එම අනතුරු ඇගවීම ඉවත් කළා.

අගෝස්තු 8 වන දින එරට දකුණු ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබුවා.

WhatsApp Group

Skip to content