ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ජනවාරි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව කාම්භෝජයේ ද සංචාරය කිරීමට තමන් අපේක්ෂා කරන බවයි ජපන් මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහුගේ මෙම සංචාරයේදී විශේෂ අවදානයක් යොමු කරනු ඇති බව සදහන්.

මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා,  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතු`ඵ ඉහළ පෙළේ නායකයන් මුණගැසී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

WhatsApp Group

Skip to content