ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ දියත් කළ විරෝධතා පාගමන අතරතුර අත්අඩංගුවට ගත් 33 දෙනා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව මෙන්ම තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතා පාගමන ඊයේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ පාගමන විසුරුවා හැරීම සදහා පොලිසිය ජල සහ කඳු`ඵ ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත් අතර එහිදි ඇති වී නොසන්සුන්තා මධ්‍යයේ විරෝධතාකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන්වහන්සේ දෙනමක් සහ කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්.

WhatsApp Group

Skip to content