ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ පක්ෂවල නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කළා.

මේ අතර පසුගියදා දිවයිනට පැමිණි ගෝලීය වෙළද සංසදයේ නියෝජිතයන් පිරිසක් සහ භික්ෂුන්වහන්සේලා පිරිසක් ඉදිරිපත් කළ “හිමාලයා ප්‍රකාශයනය” පිළිබදව ද අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානය පැවසුවේ.

ජාතීන් අතර සංහිදියාව සහ ප්‍රතිසන්ධානය, ප්‍රජා සුභසාධනය සහ සංවර්ධනය කේන්ද්‍ර කරගත් ප්‍රධාන කරුණු 6 ක් හිමාලයා ප්‍රකාශයනයට ඇතුලත් වනවා.

WhatsApp Group

Skip to content