පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට පිරිනැමෙන ශිෂ්‍යත්ව සඳහා මෙතෙක් අයදුම් නොකළ පාසල්වලට කඩිනම් අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලීමක්.

අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස හෙට සිට දීප ව්‍යාප්තව සිදු කෙරෙනු ඇත.

WhatsApp Group

Skip to content