ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කරන, ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු කරන ජාතික නායකයන්ට රට භාරදීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

එකම කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගනිමින් ජනතාව ළඟට පැමිණියද ඔවුන්ගේ මානසිකත්වය වෙනස් වී නොමැති බවත් ඔවුන් රටේ අනාගතය ගැන සිතා කටයුතු නොකරන බවත් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියා.

WhatsApp Group

Skip to content