ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙදින නිල සංචාරයක් සදහා 06/09 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය

එතුමා සමග දූත පිරිසක් ද මෙම සංචාරය සදහා එක් වී සිටියහ.

ඔවුන් 06/09 දින උදෑසන 08.32 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික පිරිස රැගත් මෙම ගුවන් යානය 06ර/09 දින දහවල් 11.40 වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට නියමිතය.

WhatsApp Group

Skip to content