එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙහිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සදහන්.

ඒ අනුව සම්මේලනය පැවැත්වෙන ආකාරය සහ එහි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සියලු නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා.

එහිදි සම්මේලන දිනයේදී ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයන්ගේ කිසිදු විරෝධතාවයක් එල්ල නොවූ බවටයි වාර්තා වන්නේ.

මේ අතර පවතින තනතුරවල කිසිදු වෙනසක් සිදු නොකරන බවටද එහිදි තීරණය වී තිබෙනවා.

මේ අතර පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහනක් ද අද දිනයේදී පැවැත්වීමටද එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content