ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා ඊයේ රාත්‍රියේ චීනය බලා පිටත් වුණා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා චීන රජය සමග සාකච්ඡා කරනු ඇති.

එක් තීරයක් එක් මාවතක් යන මැයෙන් පැවැත්වෙන සමුළුවට ද රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව චීනයේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙසත් පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content