ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන එක් තීරයක් – එක් මාවතක් යන තේමාව යටතේ තෙවැනි සමුළුව අද සිට චීනයේදී ආරම්භ කරනු ලබනවා.

මෙම සමුළුව සදහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා දිනයේදී චීනය බලා පිටත්ව ගිය අතර, එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමටයි කටයුතු කර තිබුණේ.

රටවල් 130ක නියෝජිතයින් සහ ගෝලීය සංවිධාන 30ක් පමණ මෙම සමුළුවට සහභාගී වන අතර, පොදු සංවර්ධනයක් සහ සශ්‍රීකත්වයක් උදෙසා එක්වෙමු යන්න මෙවර සමුළුවේ තේමාව වී තිබෙනවා.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සංචාරය තුළදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක්ද පැවැතවීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content