ජනාධිපති අපේක්ෂකයින්ට ආරක්ෂාව සැපයීම සදහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනුයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ හිටපු ජනාධිපතිවරුන්ට පවතින ආරක්ෂාව පිළිබද සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකිරීමට එම කමිටුවට උපදෙස් දුන් බවයි.

මේ අතර මැතිවරණයේ ආරක්ෂාව සාමාන්‍ය පරිදි සිදුකරමින් සිටින බව ද අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content