2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගැනීම ලබන 15 වනදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ලබනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ එදින මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බවයි.

ඒ සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 1500 ක පමණ පිරිසක් යෙදවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙනවා.

මේ අතර මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන් එදින විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content