ජනාධිපතිවරණයට අදාළව යොදා ගැනෙන ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ලබන 20 වනදා එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිකුත් කරන බව සඳහන්.

මේ අතර ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 14 වනදායින් අවසන් කෙරුණු අතර, එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු සිටීනම් හෙට සිට ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වනදා තෙක් තමන්ට අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව කියා සිටියා.

WhatsApp Group

Skip to content