එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් මස 20 වැනි දින වසා තැබීමට තීරණය කර තිබෙනවා .
අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ.එම පාසල් නැවතත් ලබන 23 වන දා ආරම්භ කිරීමට නියමිත බවයි.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් මස 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට භාරදිය යුතු වනවා.

මිට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් මැතිවරණ කොමිසම විසින් නිකුත් කල ලේඛනයේ සඳහන් පරිදී අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරනු ඇති.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඬුවම් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා .

WhatsApp Group

Skip to content