2024 ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 14 දෙනෙකු මේ වන විට ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ අක්මීමන දයාරතන හිමියන් ඇතුළු අපේක්ෂකයින් සිව්දෙනෙකු ඊයේ ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර තිබුණා.

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදාත් ඊට අදාළ නාමයෝජනා කැඳවීම අගෝස්තු මස 15 වැනිදාත් සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content