”‍ජනාධිපතිවරණය කල්දමන්න”‍ නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතුරු පෙත්සමක් ගොනුකර තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අභිප්‍රාය වුයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කිරීම බව එහි සඳහන් ය.

එය ඇතුළු තවත් කරුණු සඳහන් කරමින් ජානිපෙ නායකවරයා විසින් මෙම අතුරු පෙත්සම ගොනුකර ඇත.

WhatsApp Group

Skip to content