එළඹෙන ජනාධිපතිවරණය සදහා තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

ඒ අනුව ඔවුන් තිරණය කර ඇත්තේ තම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ලබා නොදීමටයි .

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කලේ දේශපාලන මණ්ඩලයේ බහුතර අනුමැතිය මත අදාළ තීරණය ගත් බවයි.

ඔහු මේ බව සදහන් කලේ එම සාකච්චාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

WhatsApp Group

Skip to content