2024 ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 08ක් මේ වන විට ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 03ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 05ක් ලැබී තිබෙන බවයි එම ඒකකය සඳහන් කරන්නේ.

මේ අතර මැතිවරණය සම්බන්ධව පැමිණිලි 68ක් තමන්ට ලැබී තිබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

WhatsApp Group

Skip to content