ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැතිවිණි.

ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම දැනට පවතින ඖෂධ වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසද ඔහු නිලධාරීන්ට දැනුම්දී තිබේ.

මේ අතර දැනට රෝහල්වල පවතින ඖෂධ වර්ගවල තොග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිවල තොරතුරු ඇතුලත් කර යාවත්කාලීන කෙරෙන වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත.

එමගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බවද ඔහු සඳහන් කර තිබේ.

WhatsApp Group

Skip to content