මෙරට ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර අද අලුයම ගැටුමක් ඇතිවී තිබෙනවා.

අදාළ අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අලුයම 02ට පමණ  රංගන ශිල්පිනිය හමුවීමට ඇය රැඳී සිටි පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටි නිවසට පැමිණ තිබෙනවා.

එහිදී මෙම ආරවුල සිදුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය ට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ අධ්‍යක්ෂවරයා තමන්ට පහරදී මෝටර් රථයේ යතුර ලබා ගත් බවට ජනප්‍රිය රංගන ශිල්පිනිය සහ තවත් කාන්තාවක් විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවා.

අදාළ අධ්‍යක්ෂවරයා ද පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ, තමා ලක්ෂ 75කට ආසන්න මුදලක් ඇය වෙනුවෙන් වැයකර ඇති බවත්, අද අලුයම සිය ජංගම දුරකථනය, ලක්ෂ තුනහමා‍රක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුර ද ඇය ලබාගත් බවයි.

පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දෙපාර්ශ්වයට කරුණු අවබෝධ කරදීමෙන් පසු පැමිණිලි ඉල්ලා අස්කර ගෙන සමථයකට පත්වූ බව වාර්තා වෙනවා.

WhatsApp Group

Skip to content